සාමයේ හා නිසල බවේ අගනුවර වූ කියෝතෝව
කියෝතෝහි ෆුෂිමි පළාත් පුරාණ කාලයේ සිට සකේ සඳහා ප්‍රසිද්ධියට පත්ව තිබි ඇත. සාම්ප්‍රදායික නාට්‍ය විශේෂයක් වන කබුකි නාට්‍යවල උපත සිදුවී ඇත්තේද මේ කියෝතෝ නගරය මුල් කරගෙනය. කියෝතෝ නගරය ගොඩනැගී ඇත්තේ කට්සුරා සහ කමෝ ගංගාවන්ට මැදින් පිහිටි හොන්ෂු දිවයින මැදය. එකල නගරය පාලනය කළ කමු අධිරාජ්‍යයාට අවශ්‍ය වී තිබුණේ කඳුකරයෙන් වටකොට ආරක්ෂාකාරී ලෙස හියාත් කියෝ නගරය නොහොත් කියෝතෝ නගරය නිර්මාණය කිරීමටයි. චීන ජාතිකයින් තුළ පැවැති පැරණි අදහසක් වන නගරයේ උතුරු කෙරවල් තුළින් භූතාත්ම නගරයට ඇතුල්වනවා කියන අදහස කමු අධිරාජ්‍යයාටත් බලපෑ හෙයින් මෙම නගරයේ උතුරු ප්‍රවේශය හොඳින් ආරක්ෂා කළ යුතු බව අධිරාජ්‍යයා තදින්ම විශ්වාස කළ කරුණක් විය. ඉතාමත් නිසල පරිසරයක් තුළ ගොඩනැගුණු කියෝතෝ නගරයේ ගොඩනැගිලි අතර කියෝතෝ රජ මාලිගාවත් නිජෝ බලකොටුවත් විශේෂ ස්ථානයක් ගනියි. එහි තිබෙන රිදී නැරඹුම් ශාලාවත් (SILVER PAVILION) Ginkaku-ji රන් නැරඹුම් ශාලාවත් (GOLDEN PAVILION) Kinkaku-ji මහායාන බුදු දහමේ විහාරවල හැඩය පෙන්නුම් කිරීමද යම් විශේෂ දෙයකි.
කියෝතෝවේ පාලනය මුලින්ම රැඳී පැවතියේ සේද කර්මාන්තය සඳහා පැමිණි සේද වියන්නන්ගේ “ෆුජිවරා” නමැති පාරම්පරිකයින් අතයි. දොළොස්වන ශත වර්ෂයේදී “මිතමොටෝ යුරිටෝමොතෝගේ” පාලන කාලයේදී මෙම නගරයේ බෞද්ධ විහාර වැඩි ප්‍රමාණයක් ගොඩනැගී ඇත. ඒ තුළින් සමුරායි රණවිරුවන් අතින් සෙන් දහමද කියෝතෝ නගරය තුළ පැතිරී යාම ආරම්භ විණි. 14 වැනි හා 15 වැනි සියවස්වල කාන්තාවන්ගේ දායකත්වය කලා කටයුතු සඳහා වැඩි වැඩියෙන් ලැබි තිබේ. මල් සැලසුම් කලාව, තේ පානෝත්සවය වැනි කලා කටයුතු මේ අය තුළින් කියෝතෝ නගරයේ ජන සමාජය තුළ ඉතා ක්‍රමවත් ලෙස ව්‍යාප්ත වීමද සිදුවී ඇත. කෙසේ වෙතත් ජපන් ජනතාව තුළ නිරන්තර ගරු බුහුමන් ලබමින් අගනා කියෝතෝ නගරය අද ඉතා දැකුම්කලු ලෙස වැජඹෙයි.



























0 件のコメント:
コメントを投稿